ආයතනයෙහි ආරම්භය සහ ඉතිහාසය :
රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමා විසින් 1984.07.08 දින අංක 827 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නිවේදනයට අනුව, 1988.05.25 දින උතුරු මැද පළාත් සභාව ස්ථාපනය කිරීමෙන් පසු, උතුරු මැද පළාත් සභාවේ ප්‍රථම ආණ්ඩුකාර ධූරය සඳහා ඩී.බී.වෙලගෙදර මැතිතුමන් පත් කර ඇත. එතුමන් විසින් 1988.08.08 දින සිට කාර්යාලය ආරම්භ කර ඇති අතර, පළමු ආණ්ඩුකාරවර ලේකම් ලෙස අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II/I ශ්‍රේණියේ ඊ.ඩබ්.ජයවර්ධන මහතා 1988.09.01 දින සිට පත් කර ඇත. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරමින් සිටි ලිපිකරු නිලධාරීන් දෙදෙනෙකු කාර්යාලයට අනුයුක්ත කර ගනිමින් කාර්යාල කටයුතු ආරම්භ කර ඇත.
බලය හා පරිපාලනය විමධ්‍යගත කිරීමේ අරමුණින් ස්ථාපනය වූ පළාත් සභා ක්‍රමයේ නවමු අත්දැකීම් රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන් වෙත ලබාදෙමින් නිලධාරීන් දෙදෙනෙකුගෙන් ආරම්භ කරන ලද කාර්යාලීය කටයුතු අද වන විට විශාල දියුණුවක් කරා ලඟා වී ඇත. මේ වන විට කාර්යය මණ්ඩලය 20 දෙනෙකු පමණ දක්වා වර්ධනය වී ඇති අතර, ආණ්ඩුකාර කාර්යාලය මඟින් සලසන සේවාවන් වඩාත් ප්‍රශස්ථ ලෙස හා ආකර්ශනීය ලෙස ඉටුකරමින් පළාතේ ජනතාවට විශිෂ්ඨ රාජ්‍ය සේවාවන් සැලසීමේ පුරෝගාමියා ලෙස ක්‍රියාකරමින් සිටී.
ආයතනයෙන් අපේක්ෂා කෙරෙන ප්‍රධාන කාර්යයන් :
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නිකුත් කරන ලද 1987 අංක 42 දරන පළාත් සභා පනතින් ගරු ආණ්ඩුකාරතුමන් වෙ. පැවරුනු ව්‍යවස්ථාපිත හා නෛතික බලතල යටතේ ආයතනය වෙත පැවරුනු ප්‍රධාන කාර්යයන් හා කර්තව්‍යයන් පහත පරිදි වේ.
ප්‍රතිපත්ති සම්පාදන සංවර්ධනය
ආයතනික කටයුතු සංවර්ධනය
මූල්‍ය නියාමනය
සමාජ – ආර්ථික කටයුතු සංවර්ධනය
ආයතනික ධාරිතා සංවර්ධනය
යහපාලනය